කෝටි 03 කට විද්ද 29 හැවිරිදි සුරූපී තරුණිය සොයන්න මහජන සහය පතයි


රුපියල් ලක්ෂයක මුදලකට සතියට රුපියල් පහලොස්දහස බැගින් ලබා දුන් බව කියන  29 හැවිරිදි තරුණියක් ප්‍රදේශයේ ජනතාවගේ  කෝටි 03 කට ආසන්න මුදලක් ද සහිතව පසුගිය 17 වනදා සිට ප්‍රදේශයේන් අතුරුදහන් වී තිබෙන බවට වාර්ථා වෙනවා.

පොලොන්නරුව මැදපාරේ පදිංචිව සිටි  29 හැවිරිදි මෙම සුරූපී තරුණිය වසර එකහමාරක පමණ කාලයක සිට ප්‍රදේශයේ ජනතාව සමඟ ඉතා හිතවත්ව ගණුදෙනු සිදුකර ඇති අතර බොහෝ දෙනාගේ හදිසි මුදල් අවශ්‍යාතවයන් වලදී ඇය මුදල් ලබා දී තිබෙනවා. මෙලස බොහෝ දෙනාගේ හිත දිනාගනිමින් කටයුතු කළ ඇය රුපියල් ලක්ෂයක මුදලකට සතියට රුපියල් පහලොස්දහස බැගින් ලබා දී ඇති අතර එහිදී බොහෝ දෙනෙකු ඇය ළඟ මුදල් තැන්පත් කිරීමට පෙළඹී තිබෙනවා.

නමින් දිසානායක මුදියන්සේලාගේ ශ්‍යාමලී දිසානායක වන ඇය ළඟ  ඇතැම් පුද්ගලයින් තම නිවෙස් වල සිටි ගවයන් පවා විකුණා  මුදල් තැන්පත් කර තිබුනේ ඇයගෙන් ලැබෙන අධික පොලී මුදල ලබා ගැනීමේ අරමුණින්.

ඇය පිලිබද තොරතුරක් දන්නේනම් ඒ පිළිබඳව පොලොන්නරුව පොලිසිය වෙත දැනුම් දෙන ලෙසයි මූල්‍ය වංචාවට හසුවූ පුද්ගලයින් ඉල්ලීමක් කර සිටින්නේ.


පොළොන්නරුව පොලිස් ස්ථානය – 027 – 2222222
 ඡායාරූප පහතින්.


Powered by Blogger.