එකම පවුලේ 06ක් ඝාතනය කලාට පුද්ගලයින් 10කට එකවර මරණ දඬුවම්


එකම පවුලේ 06දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ පුද්ගලයින් 10දෙනෙකුට තංගල්ල මහාධිකරණය අද (11) මරණ දඬුවම නියම කෙරුණා. ඒ, තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා විසින් අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

1998 වසරේදී  ඉඩම් ආරවුලක් මුල් කර ගනිමින් මෙම ඝාතන සිදුව තිබෙනවා. පැවැති දිර්ඝ නඩු විභාගයකින් අනතුරුව වසර 20 කට පසුවතංගල්ල මහාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නා.

48 හැවිරිදි මවක්, ඇගේ පිරිමි දරුවන් සිව්දෙනා සහ දැරියක් මොවුන් විසින් මෙලෙස ඝාතනය කර තිබුණා. මෙම ඝාතනය සම්බන්ධයෙන් අගුණුකොළපැලැස්ස ප‍්‍රදේශයේ පදිංචි 23දෙනෙකුට එරෙහිව තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා. ඉන් සිව්දෙනෙකු නඩු විභාගය අතරතුර මියගොස් ඇති බවටයි වාර්ථා වුණේ.  මරණ දඬුවම නියම වු පුද්ගලයින් 10දෙනා අතර එකම පවුලේ තිදෙනෙකුද වනවා.
Powered by Blogger.