"ගෙරදට එන අසල්වැසි මාමා කෙනෙක් ඉන්නවා. එයා අපේ මුළු ජීවිත කාලයටම හිරේ යවන්න" පාසලේ පැමිණිලි පෙට්ටියේ තුණ්ඩුවක ලියා දමා තිබූ 06 වැනි ශ්‍රේණියේ සිසුවියට සිදු වූ මහපොලව නුහුලන අපරාධය



හෙට්ටිපොළ  විදුහලක 06 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් තමන්ට සිදු වූ බරපතල ලිංගික අපයොජනයක් සම්බන්ධයෙන් පාසලේ පැමිණිලි පෙට්ටියට තුණ්ඩුවක ලියා දමා ඇති පුවතක් වාර්ථා වුණා.
 ඇයට මාස 10 ක පමණ කාලයක් තිස්සේ 52 හැවිරිදි විවාහක පුද්ගලයකුගෙන් වරින් වර ලිංගික අපයෝජන් සිදු වී ඇති අතර, ඒ පිළිබඳව ඇය  කිසිවෙකුටවත් පවසා නෑ.
තම ආචචිගේ සහ සීයාගේ නිවසේ ජීවත් වන ඇයගේ දේමාපියන් කලක සිට පවුල් ආරවුලක් මත වෙන්වී තිබෙනවා.

හෙට්ටිපොළ පොලිස් බල ප්‍රදේශයේ පිහිටි විදුහලක 06 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවියගේ මව සහ පියා පවුල්
ආරවුලක් මත වෙන්වී වෙන වෙනම ජීවත් වන නිසා ඇය ආචචිගේ සහ සීයාගේ නිවසේ ජීවත් වෙයි.


 විදුහලේ පැමිණිලි පෙට්ටියේ තිබූ මෙම නිර්නාමික කඩදාසි කැබැල්ල ගුරු මණ්ඩලය විසින්  විවෘන කර බැලීමේ දී  එහි මෙලෙස සටහන්ක් දක්නට ලැබී තිබෙනවා.


"ගෙරදට එන අසල්වැසි මාමා කෙනෙක් ඉන්නවා. එයා අපේ මුළු ජීවිත කාලයටම හිරේ යවන්න. එතකොට මට කරදයක් නැතිව ඉන්න පුළුවන්”

අනතුරුව ගුරුවරියන් කීප දෙනෙකු මෙම සටහන ලියූ සිසුවිය හදුනාගෙන ගුරු මණ්ඩලය සමග සාකච්ඡාකර මේ පිළිබදව පොලිසියට පැම්ිනිලි කර ඇත. ඒ අනුව සිවිල් ඇදුමින් සැරසුණු කාන්තා පොලිස් නිලධාරිනියක් පාසලට යවා  එම සිසුවිය හමුවී කාරුණික ලෙස විස්තර විමසද්දී සීයාගේ හිතවතකු නිවසට පැමිණෙන බවත් ඔහු තමාව ලිංගික හිරිහැර කරන බවත් සිසුවිය ඇයට පවසා ඇත.
මොහුයෙන් සිදුවන හිරිහැර ඉවසා සිටීමට නොහැකි නිසා මෙවැනි ලිපියක් ලියා පැමිණිලි පෙට්ටියට දැමූ බව ද සිසුවිය පවසා ඇත. මෙම බාල වයස්කාර සිසුවිය හෙළි කළ නොරතුරු මත පරික්ෂණ පවත්වා හෙට්ටිපොළ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 පොලිස් මූලික පරීක්ෂණ වල දී හෙලිවී ඇත්තේ සැකකරු මාස 10 ක පමණ කාලයක සිට වරින් වර නිවසට පැමිණ කිසිවකු නොමැති අවස්ථාවල දී සිසුවිය ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවයි
Powered by Blogger.