ප්‍රසිද්ධ පාසලක අවුරුදු 14ක පාසල් දැරියක් පියා ගැබිණියක් කරයි



අරණායක ප‍්‍රදේශයේ ජනප්‍රිය පාසලක  ඉගෙනුම ලබමින් සිටි වයස අවුරුදු 14ක දැරියක් පසුගි දා  පිරිමි දරුවකු ප‍්‍රසූත කර තිබෙනවා.

 උදරාබාධයකට ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා අරණායක දිසා රෝහලට ඇතුළත් කර ඇති මෙම දැරිය වෛද්‍යවරයකු විසින් පරීක්‍ෂාවට ලක්කළ අවස්ථාවේ අනාවරණය වී ඇත්තේ ඇය ගැබිණියක් ලෙසටයි.

 ඒ වන විටත් දැරිය දරු ප‍්‍රසූතියකට ඉතා ආසන්නව සිටින බව ද නිරීක්ෂණය කළ වෛද්‍යවරයා වහාම දැරිය මාවනැල්ල මූලික රෝහල වෙත පිටත්කර යවා තිබෙනවා.

අනතුරුව අරණායක පොලිසිය සිදු කල විමර්ෂණ වලදී හෙලි වී ඇත්තේ දැරියව කාලයක් තිස්සේ වරින් වර සිය පියාම  දූෂණය කර ඇති බවටයි.


දැරිය ලබාදුන් කටඋත්තරයට අනුව ඇයගේ පියාවන කේ. ජී. සරත් කුමාර නමැත්තාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

Powered by Blogger.