දෙමාපියන් නිවසේ නැති අතරේ රාජගිරියෙ පාසලක සිසුවියන් දෙදෙනෙකු තම 17 හැවිරිදි පාසල් යන පෙන්වතුන් දෙදෙනා ගෙදරට ගෙන්වා ලිංගිකව හැසිරිලා - ගෙදරට හදිසියේ පැමිණි පියාටත් පහර දීලා



මීගොඩ පොලිස්‌ බල ප්‍රදේශයට අයත් බටවල ප්‍රදේශයේ නිවසක පාසල්  සිසුවියන් දෙදෙනකු විසින් තම  පාසල් යන පෙන්වතුන් දෙදෙනා ගෙදරට ගෙන්වා ලිංගිකව හැසිරී ඇතැයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් දෙදෙනෙකු  පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට  පත්ව ඇත්තේ එක්‌ සිසුවියක්‌ හා ඇගේ පාසල් පෙම්වතායී.

රාජගිරිය ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන මෙම සිසුවියන් දෙදෙනා එම ප්‍රදේශයේ පාසල් සිසුන් දෙදෙනකු හා ඇතිකරගත් ප්‍රේම සබඳතාවක්‌ පවත්වා ගෙන ගොස් ඇති අතර, පාසල් යන මුවාවෙන් නිවසින් පිටව ගොස්‌ ඇති සිසුවියන්  බටවල ප්‍රදේශයේ එක්‌ සිසුවියක්‌ පදිංචිව සිටින නිවට යළි පැමිණ ඇත්තේ දෙමාපියන් නිවසින් බැහැරව ගොස්‌ ඇති බව දැන ගැනීමෙන් අනතුරුවයි.

අනතුරුව අදාළ නිවසේ පදිංචි පාසල් දැරියගේ පියා හදිසියේ නිවසට පැමිණ තිබෙන අතර, ඇතුළතින් දොරගුලු දමා තිබූ නිවසේ කිසියම් පිරිසක්‌ සිටින බව දැනුණු හෙයින් ඔහු නිවසේ පසුපස දොරටුවෙන් ඇතුළු වීමට උත්සහ කර තිබෙනවා. ඒ සමඟම පසුපස දොර ඇරගත් තරුණ පාසල් සිසුන් දෙදෙනා පසුපස දොරටුව හරස්‌ කරගෙන සිටි නිවෙස්‌ හිමි පාසල් දැරියගේ පියාට පහරදී තම පෙම්වතියන් ද රැගෙන පලාගොස්‌ ඇති  බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව මේ පිළිබඳව බටවල නිවසේ පදිංචි පාසල් දැරියගේ මව මීගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය අදාළ පාසල් දැරිය හා 17 හැවිරිදි ඇගේ පාසල් පෙම්වතා වැලිකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. පසුව අත්අඩංගුවට පත් දැරිය රෝහල්ගත කර අධිකරණ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කෙරිණි. එහිදී ඇය ලිංගික අතවරයකට ලක්‌ වී ඇති බවට අධිකරණ වෛද්‍යවරයා නිර්දේශ කර ඇති අතර, සැකකාර පාසල් සිසුවා හෝමාගම මහෙස්‌ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.








Powered by Blogger.