සර්පයෙකු දෂ්ඨ කර රෝහලට ගෙනා පුද්ගලයෙකුගේ වකුගඩුවේ අසාමාන්‍ය ලෙස වැඩුනු කිලෝග්‍රෑම් 2 ක ගලක් හමුවෙයි



පුද්ගලයෙකුගේ වකුගඩුවේ තිබූ කිලෝග්‍රෑම් 2 ක් පමණ බරැති ගලක් සැත්කමකින් ඉවත් කිරීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු පිරිසක් ඊයේ සමත් වි තිබෙනවා.

එම සැත්කම සිදු කර ඇත්තේ, එම රෝහලේ විශේෂඥ ශල්‍යවෛද්‍ය සී. අර්වින්දන් මහතා ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසකි.

අනුරාධපුර නොච්චියාගම, දිවුල්වැව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකුගේ වකුගඩුවේ මෙම ගල තිබූ බවයි විශේෂඥ වෛද්‍ය සී. අර්වින්දන් මහතා පැවසුවේ.

සර්පයෙකු දෂ්ට කිරීම හේතුවෙන් අදාළ පුද්ගලයා රෝහල්ගත කර ඇති අතර එහිදී කළ ස්කෑන් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ වකුගඩුවේ විශාල ගලක් පවතින බවයි.

Powered by Blogger.