සිය බිරිඳ සමග පෙම් සුව විඳිමට ආ 20 හැවිරිදි අනියම් පෙම්වතාට, නීත්‍යානුකූල සැමියා 15 ස් පලකට පිහියෙන් අනී - මැද්දට පැන්න බිරිඳටත් තුවාලයි



මාවනැල්ල, ඉලුක්ගොඩ ප්‍රදේශයේ කාලයක සිට වයස අවුරුදු 31 කාන්තාවක්  සමග අනියම් සම්බන්ධතාව පවත්වාගෙන ගිය  20 හැවිරිදි තරුණයෙකුට අදාල කාන්තාවගේ නිත්‍යානුකූල ස්වාමිපුර්ෂයා විසින් පිහි ඇනුමක් සිදු කර තිබෙනවා.  34 හැවිරිදි එක් දරු පියෙක් වන ඔහු  අදාල තරුණයා  නිවසට පැමිණෙන තුරු බලා සිට ඇති බව සඳහන්.

අනතුරුව අදාල තරුණයා සිය බිරිඳ සමඟ  කතාබස් කරමින් සිටියදී සැකකරු විසින් මෙම පිහි ප්‍රහාරය එල්ල කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

 සැමියා විසින් පිහි ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ එය නැවැත්වීමට මැදිහත් වූ බිරිඳට ද පිහි ප්‍රහාරයක් එල්ල වී තිබෙන අතර පිහි ප්‍රහාරයට ලක්වූ තරුණයා සහ කාන්තාව මාවනැල්ල රෝහලට ඇතුළත්කර තිබෙනවා.

තරුණයාගේ ශරීරයේ ස්ථාන 15ක පමණ පිහි ඇණුම් සලකුණු දක්නට ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

සැකකරු මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි

Powered by Blogger.