ශ්‍රී ලාංකිකයෙකු විනොදයට යැවූ අහස් කූරක් තෙල් ගබඩා සංකීර්ණයක් පුපුරවයි - ඉන්ධන ලීටර් මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් විනාශවෙයි



දකුණු කොරියාවේ සෝල් නුවර, ගොයැන්ග් ප්‍රදේශයේ  තෙල් ගබඩා සංකීර්ණයක ඇති වූ පිපිරීමක් සම්බන්ඳයෙන් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට බළධාරීන් පෙන්වා දෙන්නේ අදාල පුද්ගලයා විසින් යැවූ අහස් කූරක් අදාළ ගබඩා සංකීර්ණය පිහිටි භූමියට පතිත වී ඇති අතර ඒ සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් මුළුමනින්ම තෙල් ටැංකිය පුපුරා ගොස් ඇති බවයි.

එමගින් ඉන්ධන ලීටර් මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් විනාශ වූ බවයි එම සමාගම පෙන්වා දෙන්නේ. පසුගිය ඉරිදා දිනයේ මම සිදුවීම සිදුවී ඇති අතර සිද්ධිය සම්බන්දයෙන්  කොරියානු ආරක්ෂක අංශ වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාකිකයා 27 හැවිරිදි අයෙකු වන අතර ඔහු දකුණු කොරියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිට අයෙක්.

Powered by Blogger.