කැබිනට් මණ්ඩලයේ 30 න් 20ක් අද දිවුරුම් දෙයි - නීතිය හා සාමය ජනපති යටතට මුදල් හා ආර්ථික නව අගමැතිට



 නව රජයේ කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරුන් 20 ක පමණ කොටසක් අද (29 දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.
එහිදී මුලින්ම කැබිනට් ඇමැතිවරුන් 20 දෙනකු දිවුරුම් දෙන බවත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඇමැති මණ්ඩලය තිහකට සීමා කළ යුතු බැවින් ඉතිරි ඇමැතිවරුන් දස දෙනා ඉදිරි දිනක දිවුරුම් දෙන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක සඳහන් කළා.

එමෙන්ම  ව්‍යවස්ථානුකූලව නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැති සංඛ්‍යාවද හතළිහකට සීමාවනු ඇති.

මේ අතර  නීතිය හා සාමය ජනපති මෛත්‍රීට, මුදල් හා ආර්ථික නව අගමැති මහින්ද රාජපක්ෂට හිමිවනු ඇති බවටයි වාර්තාවෙන්නේ.


තවද, ඒකාබද්ධ විපක්ෂයේ කෙහෙලිය රඹුක්වැල්ල මාධ්‍ය ඇමතිවරයා ලෙස ද නිවාස ඉදිකිරීම් ඇමති ලෙස විමල් වීරවංශටද හිමිවනු ඇති. කැබිනට් මණ්ඩලයට එක්වීම සඳහා එජාපයෙන් 10 දෙනෙකුට ද ඇරයුම් කර ඇති බවටයි වාර්ථා  වෙන්නේ.
Powered by Blogger.