ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව එංගලන්තයට ලකුණු 31ක ජයක් හිමිවෙයි - මාලිංග 500 වැනි ජාත්‍යන්තර විකට්ටුව ලබා ගනී.


වර්ෂාවෙන් බාධා එල්ල වූ ශ්‍රී ලංකාව හා  එංගලන්තය සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ලකුණු 31ක ජයක් හිමිකර ගැනීමට  එංගලන්තය  සමත් වුණා. ඒ ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුවයි.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ජෝ රූට් ලකුණු 71ක් රැස් කළ අතර නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඔයින් මෝගන් ලකුණු 92යි.

එංගලන්ත ක්‍රීඩකයෝ පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 278ක් රැස් කළා.

වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තම 500 වැනි ජාත්‍යන්තර විකට්ටුව ලබා ගත්තේ මොයින් අලිගේ ගේ විකට්ටුව ලබා ගැනීමත් සමගයි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඔහු පන්දුවාර 10කදී එක් නිලකුණු පන්දුවාරයක් ද සමගින් ලකුණු 44 ට කඩුලු 5ක් දවා ගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 279ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 31 කදී බිඳ වැටිණි.

කුසල් ජනිත් ලකුණු 30යි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 29ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 140ක් රැස් කර ගෙන සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල වුණා.











Powered by Blogger.