තරුණ තරුණියන් බමණ මතින් මත් වූ තවත් ෆේස්බුක් සාදයක් රත්නපුරේ - 35ක් පොලීසියට




රත්නපුර - මල්වල - දුරේකන්ද ප්‍රදේශයේ නිවසක පැවති ෆේස්බුක් සාදයකට එක්ව සිටි  තරුණ තරුණියන්  35 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පෙරේදා (13) රාත්‍රියේ සිට නොනවත්වා ඊයේ (14) රාත්‍රිය දක්වා මෙම සාදය පවත්වා ඇති අතර, නීති විරෝධී මත්පැන් දුම්වැටි හා අයිස් නැමති මත්ද්‍රව්‍යයද භාවිත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම සාදය අවසන් කරආපසු යමින් සිටි පුද්ගලයන් ගමන් ගත්  මෝටර් රථයක ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදු වී ගම්වාසීන් සමඟ ආරවුලක්ද ඇති කරගෙන තිබෙනවා. පසුව එම ස්ථානයට මෙම සාදයට එක්වූ තවත් කණ්ඩායමක් පැමිණ ඇති අතර, එහි දී පොලීසිය පැමින මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Powered by Blogger.