වසර 47ක් පුරාවට තවමත් දැවෙමින් පවතින "නරකාදියේ දොරටුව" - Video




1971 වසරේ සිට අද දක්වාම ස්වභාවිකවම නොනිමී දැල්වෙන කුහරයක් මධ්‍යම ආසියානු රටක් වන ටර්ක්මෙන් හී පිහිටා තිබෙනවා.

ඩර්වාසා හෙවත්  ‘නරකාදියේ දොරටුව’ ලෙස හඳුන්වන මෙම කුහරය වසර 47ට පෙර භූ විද්‍යාඥයන් පිරිසක් දැවෙන්නට සැලැස්වූ බවටයි සඳහන් වෙන්නේ.

1971 වසරේදී මෙහි පිහිටා තිබුණේ සාමාන්‍ය තැනිතලා බිමක් වන අතර එහි තිබූ ස්වභාවික ගෑස් පිරුණු ගල්ගුහාවක් විදීමට සෝවියට් භූ විද්‍යාඥයන් විසින් කටයුතු කර තිබෙනවා.

එම අවස්තාවේ  දී එකවරම ගිලා බැසීමකට ලක් වූ එම ස්ථානය ගල විදිමින් තිබූ උපකරණ, වාහන සියල්ල පොළොව තුළට එක්වරම ගිලාබැස ඇති බවටයි වාර්තා වෙන්නේ.

එහි දී ඇති වූ එම අසාමාන්‍ය කුහරයතුලින් මගින් විෂ වායුක්  ඉතා වේගයෙන් පිටතට විදීමට පටන් ගෙන ඇති අතර, මෙමගින් පිට වෙන වායුව මීතේන් වායුව බවට සැල වීමත් සමග භූ විද්‍යාඥයන් භීතියට පත්ව වායුව දැවී විනාශ වේයැයි සිතා  කුහරය තුළ ගිනි තැබීමකට ලක් තකර තිබෙනවා.

කෙසේ වෙතත්  ඔහුන් අපේක්ෂා කර ඇත්තේ එම ගින්න දින කිහිපයකින් පසු  වායුව දැවී  නිවී යනු ඇති බවටයි. එහෙත් වසර 47ක් ගෙවී යන අද දිනට වනවිටත් අඛණ්ඩව මෙම ආවාටය ගින්නෙන් දැවෙමින් පවතින අතර, එය දැන් සංචාරකයන්ගේ ආකර්ශනය දිනා ගත් ස්ථානයක් බවට පත්ව ඇත.


පහතින් එහි වීඩියොව නරඹන්න

Powered by Blogger.