දැරියන් 6 දෙනෙකුට වැඩි පිරිසක් දූෂණය කර මරා දැමූ පාපතරයාව, මරණයට පත් දැරියකගේ ඥාතීන් ඉදිරියේ එල්ලා මරා දමයි - Photos



කසළ ගොඩක තිබියදී  සයිනබ් අන්සාරි නමැති 6 හැවිරිදි පාකිස්ථාන දැරිය දූෂණය කර මරා දැමූ සිද්ධියේ වරදකරු වූ 24 හැවිරිදි ඉම්රාන් අලි නමැත්තාට අධිකරණය නියම වූ මරණ දඬුවම ඊයේ ක්‍රියාත්මක කෙරුණා. ඒ අන්සාරිගේ පියා ඇතුළු ඥාතීන් ඉදිරියේ  බව සඳහන්. ඊයේ (17) උදෑසන ලාහෝරයේ කොට් ලක්හ්පට් බන්ධනාගාරයේදී මෙම දඬුවම ක්‍රියාත්මක වූ අතර, කසූර් නගරයේ දැරියන් 6 දෙනෙකුට වැඩි පිරිසක් මෙලෙස දූෂණය කර ඝාතනය කර ඇත්තේ ද මෙම ඉම්රාන් අලි යන නැමැත්තා බවට හෙළි වී තිබෙනවා.

අන්සාරිගේ ඝාතනය සම්බන්ධයෙන් ජනවාරි 23 වන දා  ඉම්රාන් අලි නමැති 24 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගැනුණු අතර අන්සාරිගේ සිරුරෙන් හමුවූ ශුක්‍රාණුවල DNA චූදිත අලිගේ DNA හා සැසඳීමත් සමග පෙබරවාරි මාසයේදී චූදිතයාට පාකිස්ථාන අධිකරණය මරණ දඬුවම නියම කළා. අන්සාරිගේ ඥාතීන් ඔහු ප්‍රසිද්ධියේ එල්ලා මරා දමන ලෙස ඉල්ලීමක් කර තිබුණ ද අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත් කිසියම් පුද්ගලයෙකු විසින් දැරිය කැටුව යන ආකාරය දැක්වෙන CCTV දර්ශන සමාජ මාධ්‍යට නිකුත් වූ අතර එය දැඩි ලෙස ප්‍රචලිත වන්නට වුණා.

පසුගිය ජනවාරි මාසයේ අන්සාරිගේ සාහසික ඝාතනය හෙළිවීමත් සමග රට පුරා විරෝධතා උත්සන්න වූ අතර ඝාතකයා සොයා ගැනීමට පොලීසීය ආකාර්යක්ෂම වූ බව ද චෝදනා එල්ල වූ මෙම විරෝධතාවලදී විරෝධතාකරුවෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූවා.



මේ අතර අන්සාරිගේ පියා පවසා ඇත්තේ, තම අාදරණීය දියණියට අපාරාධය සිදු කළ ඝාතකයාගේ අවසන් මොහොත සියසින් දැක ගැනීමට හැකිවීමෙන් තමා සෑහිමකට පත් වූ බවයි.











Powered by Blogger.