රාවණාට ගිනි තියනකොට පුද්ගලයින් 60 ක් දුම්රියකට බිලිවෙයි - තවත් 70කට තුවාල


ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ   අම්රිට්සාර් ආසන්නයේ  හින්දු භක්තිකයින් විසින් වාර්ෂිකව පවත්වනු ලැබූ " දුස්හ්රා උත්සවය" අතර තුර දී ඊට සහභාගී වූ බැතිමතුන් 60කට  අධික ප්‍රමාණයක් එම උත්සව භූමිය අසලින් ගමන් ගත් දුම්රියක ගැටීමෙන් මිය ගොස් තිබෙනවා. තවත් 70කට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්ථා කරන්නේ.

 " දුස්හ්රා" උත්සවය අවසානයේදී රාවණා ගේ පිළිරුව ගිනි තබා විනාශ කිරීම සිදු කරන අතර. එම අවස්ථාවේ දී උත්සව භූමිය අසල තිබෙන රේල් පීල්ල මත හිඳ බැතිමතුන් 300 කට අධික සංඛ්‍යාවක් එය නරඹමින් සිට තිබෙනවා. එකෙනෙහිම ජලන්දාර් සිට අම්රිට්සාර් බලා ගමන් කරමින් කරමින් තිබූ දුම්රියෙයි ඔහුන් මෙලෙස ගැටී ඇත්තේ.

උත්සවයේ ශබ්ද විකාශන යන්ත්‍ර සහ ගිනිකෙළි ශබ්දය නිසා දුම්රිය පැමිණෙන හඬ දුම්රිය මාර්ගයේ සිටි පුද්ගලයින්ට නොඇසෙන්නට ඇති බව එරට පොලීසිය මාධ්‍යට සඳහන් කර තිබෙනවා.


Powered by Blogger.