9 වසරේ පාසල් සිසුවෙකු සිය කාමරයේ ගෙල වැලලාගෙන මිය යයි



9 වන වසරේ ඉගෙනුම පාසල් සිසුවෙකු සිය නිවසේ කාමරය තුල ගෙල වැලලාගෙන මිය ගොස් තිබෙනවා

ගිනිගත්හේන පඹහේන ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා අද දහවල් 11.30 ට පමණ නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවේ කාමරයේ බාල්කයක එල්ලී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔහු ගිනිගත්හේන ප්‍රදේශයේ පාසලක 9 වන වසරේ ඉගෙනුම ලබන අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

මෙම දිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මළ සිරුර ගිනිගත්හේන රෝහලේ තැන්පත් කර තිබෙනවා.

Powered by Blogger.