අවුරුදු 92 ක හිමිනමකගෙන් ජනපති මෛත්‍රී ගැන හෙළිදරව්වක්


අවුරුදු 92ක් වයසැති ප්‍රවීණ  ජ්‍යොතිෂ්‍යවේදී හිමිනමක් විසින් ඉදිරි රාජ්‍ය නායකයා පිළිබඳ විශේෂ අනාවැකියක් පළ කර තිබෙනවා.

දුෂ්කර ප්‍රදේශයක විහාරස්ථානයක වාසය කරන  උන් වහන්සේ නමින් ශ්‍රාස්ත්‍රපති ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියන්.

උන්වහන්සේ සඳහන් කරන්නේ  වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ග්‍රහ පිහිටීම් අනුව ඔහුගේ මෙම නිල කාලය අවසන් වී තවත් කාලවකවානුවක් ජනාධිපති ධූරයෙහි කටයුතු කරන බවයි.


ජනාධිපතිවරයාගේ කේන්ද්‍ර සටහනේ සෙනසුරු උච්ච වී ඇති බව පෙන්වා දෙන උන්වහන්සේ එම සෙනසුරු දසාව ලබා ඇත්තේ වර්ෂ 2006දී බව ද අවධාරණය කරනවා.

එමෙන්ම තුලා ලග්නයට බලවත් ශනි ග්‍රහයා ජනාධිපතිවරයාගේ උච්ඡ ධූර කාලයෙහි ගමන් ගන්නා බවට ද දේවානන්ද හිමියන් ප්‍රකාශ කර සිටිනවා.

ජ්‍යොතිෂ්‍යය පිළිබඳ විශේෂ අනාවැකි පලකරන හිමිනමක්වන උන් වහන්සේ පසුගිය ජනාධිපතිවරණයේදී ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජය ගන්නා බවට ද අනාවැකියක් පළකළා.
මේ උන් වහන්සේ කල සම්පූර්ණ කතාව


Powered by Blogger.