රෝසි පාස් කල කුණු බොලේ, ඉඩම් ගොඩකිරිමේ සහ සංවර්ධනය කිරිමේ සංස්ථාව යළි රෝසිටම පාස් කරයි



කොළඹ නගර සීමාවේ කැළි කසල එක් රැස් කිරිම නතර කිරිම අද සිට සිදු වනවා. කොළඹ නගරාධිපති රෝසි සේනානායක ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ඉඩම් ගොඩකිරිමේ සහ සංවර්ධනය කිරිමේ සංස්ථාව විසින් පෙර මිලට කසල භාර නොගන්නා බවට සදහන්  කර ඇති බවයි.

කසල මෙට්‍රික් ටොන් එකක් බැහැර කිරීම සදහා අයකරන ගාස්තුව රුපියල් තුන්දහසේ සිට පන්දහස දක්වා ඉහල දැමීමට ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව විසින් ගෙන ඇති තීරණය හේතුවෙන් මෙම අර්බුදය හටගෙන ඇති බවයි රෝසි සේනානායක මහත්මිය කියා සිටියේ.


කොළඹ නගර සීමාවේ එක් රැස්වන කැළි කසල , ඉඩම් ගොඩකිරිමේ සහ සංවර්ධනය කිරිමේ සංස්ථාවට අයත් කෙරවලපිටිය කසල අංගනය වෙත බැහැර කෙරුණු අතර අද දිනයේ  කසල රැගත් ලොරි රථ කෙරවලපිටිය කසල අංගනයට පිවිසෙන මාර්ගය දෙපස නවතා තිබුණා.


කෙසේ වෙතත්  ,කොළඹ පුරපතිනියගේ මෙම ප්‍රකාශයට පිළිතුරු ලබා දීම සඳහා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව ද අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහි සභාපති රොෂාන් ගුණවර්ධන මහතා කියා සිටියේ කොළඹ මහනගර සභාව බැහැරකරන කසල මෙට්ට්‍රික් ටොන් එකක් සදහා අයකරන මුදල වැඩි කර ඇති බවට එල්ලවන චෝදනාව සම්පූර්ණ අසත්‍යයක් බවයි.

එහෙත් කොළඹ මහනගර සභාව විසින් ගෙවිය යුතු හිඟ මුදල වන රුපියල් මිලියන 158ක් ගෙවීමට හෝ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැමිණියහොත් කොළඹ කසළ බාරගැනීමට ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව බලාපොරොත්තු වන බව එහි සභාපති රොෂාන් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළේ.








Powered by Blogger.