මඩකලපුව-කොළඹ දුම්රිය මාර්ගයේ අවාසනාවන්ත ලෙස තවත් සද්ධන්තයෙක් දුම්රියක ගැටෙයි




 මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ ඊයේ රාත්‍රියේ වන අලියෙකු ගැටී තිබෙනවා.  උගේ තත්වය බරපතල බවයි ප්‍රදේශයේ ජනතාව කියා සිටියේ. ඊයේ(09) රාත්‍රී  9.45ට පමණ වැලිකන්ද මොණරතැන්න ප්‍රදේශයේදී මෙම වන අලියා ගැටී ඇති  අතර, ඒ අසල ඇති කුඹුරක මේ වන විට අසාධ්‍ය තත්වයේ පසු වෙනවා.

අනතුරෙන් දුම්රිය මාර්ගයට හෝ  දුම්රිය මැදිරි වලට හානියක් සිදු වී නෑ.

මෙම අලියාට ප්‍රථිකාර කිරීම සඳහා ගිරිතලේ වනජීවි කාර්යාලයේ පශු වෛද්‍ය ඒකකයේ පිරිසක් පැමණි ඇති අතර මේ වන විට ප්‍රථිකාර කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

Powered by Blogger.