රොනී ලීච්ගේ අවසන් කටයුතු අද සිද්ධ වෙන්නේ මෙහෙමයි


ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී අභාවප්‍රාප්ත වූ  ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගල්කිස්ස පොදු සුසාන භූමියේදි අද සිදු කෙරෙනවා.

අද පෙරවරු 8 සිට පස්වරු 2 දක්වා ජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර,  පසුවරුවේ පැවැත්වෙන දේව මෙහෙයෙන් අනතුරුව ගල්කිස්ස පොදු සුසාන භූමියේදී ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරනු ඇති.

 65 වන වියේ පසු වූ ඔහු ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පසුගිය 1 වනදා අලූයම අභාවප්‍රාප්ත වුණේ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන්. ඊයේ දහවල්  ඕස්ට්‍රේලියාවේ සිට ඔහුගේ දේහය මෙරටට රැගෙන එනු ලැබුවා.


Powered by Blogger.