ජොන්ස්ටන්ගේ ඇඳුම් හදිසියේ පරීක්ෂා කළේ තලතගේ උවමනාවටද?




 සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා  පසුගිය දා පැවති පාර්ලිමේන්තු සැසිවාරය අවසන් වී නැවත බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී  ඔහු ගේ සියලුම ඇඳුම් විශේෂ පරීක්ෂාවකට ලක් කර සිර මැදිරියට ඇතුළත් කර ඇති බවට වාර්ථා වෙනවා.

කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින මන්ත්‍රීවරයාගේ සිර මැදිරියේ තවත් 43න් දෙනෙකු සිටින අතර, පෙරේදා (12දා) කොළඹින් ගිය බන්ධනාගාර ආරක්ෂක අංශයේ පිරිසක් මෙම පරීක්ෂාව සිදුකර ඇත.

එමෙන්ම මන්ත්‍රීවරයා රඳවා තිබෙන සිර මැදිරිය ද විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇති අතර ඔහුගේ සිරමැදිරිය තුළ තිබෙන සෑම ඇඳුමක්ම මෙහිදී පරීක්ෂා කර ඇත.


කෙසේ වෙතත් මෙම සිද්ධිය  සම්බන්ධයෙන් මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නීතිඥයින් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කිරීමට සූදානමින්  වෙනවා.

මෙම විශේෂ පරීක්ෂාව සිදු කර ඇත්තේ විෂය භාර අමාත්‍යවරියගේ අනුදැනුම මත බවටයි ආරංචි මාර්ග සඳහන් කළේ.
Powered by Blogger.