ජනපති ඝාතන සැලැස්ම ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ වැඩක් - කැබිනට් රැස්වීමේදී ජනාධිපති ආන්දොලනාත්මක ප්‍රකාශයක් කරයි



ඉන්දියාවේ රෝ ඔත්තු සේවය මගින් තමාව ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇති බව ඉන්දියාවේ "THE HINDU" පුවත්පත පවසනවා.

එම වාර්තාවේ දැක්වෙන්නේ, CIA සංවිධානයේ කටයුතු පිළිබඳ ජනපති ට්‍රම්ප් නොදන්නවා සේම, මෙම ඝාතන සැලැස්ම පිළිබඳව ද ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නොදන්නවා විය හැකි බව යි

එමෙන්ම මේ තුලින් ඉන්දු ශ්‍රී ලංකා සබඳතා බරපතල ලෙස බිඳ වැටීමට ඉඩ ඇති බවත්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බව පුවත් පතේ මුල් පිටුවේ සඳහන් වෙනවා.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ශිරන්ති රාජපක්‍ෂ යන මහත්ම මහත්මීන්ට ජීවිත තර්ජනයක් ඇතැයි රහස් පොලිසියට ප්‍රකාශයක් කල ඉන්දියානු ජාතිකයෙකු දින 90 ක් රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට පසුගිය දා අවසර ලබා දුන්නා.

මර්සලින් තෝමස් නැමති මෙම  ඉන්දීය ජාතිකයා ද රෝ ඔත්තු සේවයේ පුද්ගලයෙකු බවයි ජනාධිපතිවරයා  ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ.

කෙසේ වෙතත් ජනාධිපතිතුමාගේ මෙම ප්‍රකාශය පිළිබඳව රැස්වීමට සහභාගී වූ දේශපාලන පක්ෂ, රජයේ විවිධ පාර්ශව ඇතුළු මූලාශ්‍ර ගණනාවකින් විමසා කරුණු තහවුරු කර ගත් බව ද හින්දු පුවත්පත සඳහන් කරයි
Powered by Blogger.