අනෝමා ජනාදරි කුරුඳුවත්ත පොලීසියේ යකා නටයි




චිත්‍රපට නිළියක වන අනෝමා ජනාදරිට කුරුඳුවත්ත පොලීසිය විසින් දැඩිව අවවාද කොට මුදාහැර ඇති බව වාර්තාවනවා.  ඒ පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ පැවැත්වූ දැවෙන විහඟුන් චිත්‍රපටයේ විශේෂ සිනමා දර්ශණයක් අවසානයේ  එහි අධ්‍යක්ෂකවරයාට පහරදීමකට ගත් උත්සහායක් සම්බන්ධව අදාළ අධ්‍යක්ෂකවරයා කරන ලද පැමිණිල්ලකට අනුව කුරුඳුවත්ත පොලීසියට කැඳවූ අවස්ථාවේදියි.

එහිදී ඇය පොලිස් ස්ථානය තුළදීද කළහකාරි ලෙස හැසිරී ඇති අතර පොලීසිය ඇයට එම අවස්ථාවේ දී දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

ඇය රංගනයෙන් දායක වූ දැවෙන විහගුන් චිත්‍රපටයේ ගෙවීමට පොරොන්දු වූ මුදලක් ඔහු නොගෙවූ බවට චෝදනා කරමින් චිත්‍රපට සංස්ථාවේ පැවති සිනමා දර්ශණය අවසානයේ පරුෂ වචන කියමින් පහර දීමට තැත්කළ බවත් , ඇගේ අශෝභන හැසිරීම එතැන සිටි බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක්වූ බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ  ඇයට ගිවිසුම් ගත වූ මුදලින් තුනෙන් දෙකක මුදලක් එනම් රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් දැනටමත් ගෙවා ඇති බවයි අධ්‍යක්ෂකවරයා සඳහන් කරන්නේ.

ෙසාමාන්‍යයෙන් චිත්‍රපටයක් ප්‍රදර්ශණයක් අවසාන වූවායින් පසු ව මුදල් ලබාදීම සම්ප්‍රදාය බවත් එසේ තිබියදී ඇගේ බලවත් ඉල්ලීම මත මෙම මුදල චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විසින් කලින්ම ඇය වෙත ලබා දී ඇති බවත් වාර්තා වනවා.

ඇය මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වීම සඳහා රුපියල් ලක්ෂ 15කට ගිවිසුම් ගතව ඇති බවත්, චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ වීමට පළමුව රුපියල් 225 000කද්, රෑගත කිරීම් අවසානයේ තවත් රුපියල් 150 000 ක්ද ලබාගෙන ඇති බවත් පසුගිය සැප්තැම්බර් මස 03වනදා මහජන බැංකුව චෙක්පත් අංක 372989 යටතේ තවත් රුපියල් 625 000 මුදලක් ලබාගෙන ඇති බවත්  වාර්තා වනවා.





Powered by Blogger.