ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ හදිසියේ එම ධූරයෙන් ඉවත් කරයි




ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ මහතා සිය තනතුරෙන් ඉවත් කර ඇති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉල්ලා අස්වූ බව පෙරේදා දිනයේ දී ඇතැම් පාර්ශව වාර්ථා කලද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔහු අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉල්ලා අස්වූ බවට පැතිර යන ආරංචිවල සත්‍යතාවක් නොමැති බවයි.

කෙසේ වෙතත් ඔහුව එම තනතුරින් ඉවත් කරන ලෙස ජනාධිපති කාර්යාලය සංවර්ධන ක්‍රමෝපාය හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශය වෙත අද දැනුම් දී ඇති බවටයි වාර්ථා වෙන්නේ.

Powered by Blogger.