ප්‍රබල ඇමතිගේ බැංකු ගිණුමක් අත්හිටුවයි : මහ බැංකු අධිපති දන්නේ නැතිලු !

ආණ්ඩුවේ ඇමැතිවරයකුගේ බැංකු ගිණුමකට කෝටි 15ක මුදලක් විදේශ රටකින් බැර වීම සම්බන්ධයෙන් කරුණු තහවුරු කර ගන්නා තෙක් එම බැංකු ගිණුම අත්හිටුවූ බවට සමහර වෙබ් අඩවිවල පළවී ඇති පුවත් අසත්‍යයක්ද යන්න ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගෙන් මාධ්‍යවේදියකු යොමු කළ ප්‍රශ්නයකට මහ බැංකු අධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේය.
'මම හරියට දන්නේ නැහැ. නමුත් මට මෙහෙම කියන්න පුළුවන්. මූල්‍ය බුද්ධි ඒකකය සම්පූර්ණයෙන් ස්වාධීනයි. එතකොට ඒ අය පරීක්ෂණ කරලා බලයි එය සැකකටයුතු ගනුදෙනුවක් ද කියලා. මම මූල්‍ය අවභාවිතය පිළිබඳ සොයා බලන ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති විතරයි. එහෙම වුණාට මම දන්නේ නැහැ. ඒ නිසා මට අත ගහන්නවත් බැහැ.'
'හෙළි කරන්න බැහැ'
 එහිදී ඒ පිළිබඳ මහ බැංකුවේ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා මෙසේද අදහස් ප්‍රකාශ කළේය.
'නීතියේ තියෙනවා මහ බැංකු අධිපතිටවත් ඒ තොරතුරු දෙන්න බැහැ කියලා. වැඩ කරන නිලධාරීන් දන්නවා ඇති. හැබැයි අපි දන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන හෙළි කරන්න බැහැ.'
 බොරු පුවතක් !
 මේ අතර 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී අදහස් දැක්වූ මුදල් හා මාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරියකු පැවසුයේ, 
ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමැතිවරයෙකුගේ බැංකු ගිණුමක් මහ බැංකුව විසින් අත්හිටුවීවා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සමාජ මාධ්‍යන්හි පලවන වාර්තා වල කිසිඳු සත්‍යයක් නැති බවයි.
විදේශයක සිට කෝටි 15ක මුදලක් මෙම ඇමතිවරයාගේ බැංකු ගිණුමට බැර වී තිබීම නිසා මෙම පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවටත්, මෙතරම් විශාල මුදලක් ලැබුණේ කුමන කාරණාවකටදැයි තහවුරු කිරීමට ඇමතිවරයා අසමත් වීම මත ගිණුම අත්හිටුවා ඇති බවටත් සමාජ මාධ්‍යයන් හි වාර්තා කර තිබේ.
Powered by Blogger.