තවත් වන අලින් තිදෙනෙකු දුම්රියකට බිලි වී අකාලයේ මියයි



මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී  9.50ට පමණ  වන අලින් තිදෙනෙකු ගැටී තිබෙනවා. අනතුරෙන් වන අලීන් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති අතර  දුම්රිය මාර්ගයට ද දැඩි හානි සිදු වුණා.

මේ හේතුවෙන්  පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය ද තාවකාලිකව  අත්හිටුවීමට සිදු වූ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. එමෙන්ම අනතුරින් දුම්රියේ මැදිරි 3ක් පීලි පැන ඇති අතර  දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් පිටත් කර යවා තිබෙන බව ද දුම්රිය පාලක මැදිරිය සදහන් කළා.


කෙසේ වෙතත් අදාළ අනතුර සිදු වු ස්ථානය අසළ අලිමංකඩක් තිබෙන බවට දැන්වීම් පුවරුවක්ද තිබෙන බවටයි වාර්ථා වෙන්නේ.










Powered by Blogger.