ලොව පුරා ආන්දොලනයට පත්වු ජමාල් කශෝගී ඝාතනයට හේතුව අණාවරනය වේ



ලොව පුරා කාගේත් අවදානයට ලක්වුණු  වොෂින්ටන් පෝස්ට් පුවත් සේවය​ට සම්බන්ධ මාධ්‍යවේදියකු ද වූ ජමාල් කශෝගීගේ අතුරුදන් වීම පිළිබඳව කරුණු රැසක් හෙළිකර ගැනීමට මේ වන විට හැකි වී තිබෙනවා.

සෞදි ජාතික මාධ්‍යවේදියකු වූ ජමාල් කශෝගී සෞදියේ කිරුළහිමි සල්මාන් කුමරුන්ව ඉතා සමීපයෙන් ඇසුරු කළ අයෙක්. සල්මාන් කුමරුන්ට භාධක රැසක් මධ්‍යයේ සෞදියේ රජ කිරුළ හිමිවීම සම්බන්ධයෙන් මාධ්‍යට හෙලි නොවූ බොහෝ කාරණා පිළිබඳව ඔහු දැන සිටි බවටයි කරණු හෙළි වී ඇත්තේ.

එමෙන්ම මේ වන විට ඔහු මරා දැමු ආකාරයක් සැකකරුවන් ඉන් පිටතට පැමිණ නැවත යන ආකාරයත් ශාක්ෂි සහිතව හෙළි කර ගැනීමට මේ වන විට පරීක්ෂණ කණ්ඩායම් වලට හැකි වී තිබෙනවා.

සති දෙකකට පමණ පෙර කශෝගී තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයට ගියේ සිය විවාහය සඳහා අවශ්‍ය වූ ලියකියවිලි සකසා ගැනීම සඳහායි.

ඔහු එම ගොඩනැගිල්ලට පිවිස පැය ගණනාවක් ගතවූ පසුත් පිටතට නොඒම හේතුවෙන් ගොඩනැගිල්ලෙන් පිටත වූ මාර්ගය අසළ රැඳී සිටි ඔහුගේ පෙම්වතිය මේ පිළිබඳව තුර්කි බලධාරීන්ට පැමිණිලි කොට තිබුණා.

අතුරුදන් වුණු ජමාල් කාශෝගී සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ තුර්කි රජය කරුනු රැසක් මාධ්‍යට අණාවරනය කළා.

තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට කශෝගී එන තුරු ඝාතකයන් කණ්ඩායමක් සූදානමින් සිටි බවත්,  කශෝගී කොන්සල් කාර්යාලයට ගොස් කොන්සල් ජනරාල්වරයා හමුවූ අවස්ථාවේ දී පෙර සූදානමින් සිටි සාහසිකයන් විසින් ඔහුව අල්ලා කොන්සල් කාර්යාලයේ නිළ කාබරය තුලදී  ඇගිලි කපා ඇති බවටත් හෙලි වී තිබෙනවා. අනතුරුව නිළ කාබරයට යාබදව ඇති තවත් කාබරයකට ගෙන ගොස්   සාහසිකයන් සමග සිටි වෛද්‍ය වරයෙකු විසින් කශෝගී සිරුරට යම් විෂක් ඇතුලක් කර සිරුර කොටස් කර බෑග් වලට අසුරා ඇති බවටත් අණාවරනය කර ගැනීමට පරීක්ෂන කණ්ඩායම් සමත් වී තිබෙනවා. මේ සියල්ල  පණ පිටින් සිටියදීම අමු අමුවේ සිදු කර ඇත.

මෙම අවස්ථාවේ දී කශෝගී වේදනාවෙන් කෑ ගසන හඬ ඇසුණු කොන්සල් කාර්යාලයේ සේවකයන් සිටින බව ද  කාශෝගීගේ සිරුර කපා කොටස් කර ඇත්තේ සෞදි ජාතික අධිකරණ වෛද්‍ය සාල් අල් ටුබයිකී නැමැත්තෙකු බවද විනාඩි 7 ක් ඇතුළත මෙලෙස ඔහුගේ සිරුර කුඩා කොටස්වලට වෙන් කොට ඔහු ඝාතනය කර ඇති බව ද සඳහන්.

කාශෝගී තානාපති කාර්යයාලයට පිවිසෙද්දී, ඝාතකයන් කළු පැහැති වෑන් රියකින් පැමිණ කොන්සල් කාර්යාලය ඉදිරිපිට රැකගෙන සිටිනු ආරක්ෂක කැමරා දසුන්වල පවා පටිගත වී තිබෙනවා.

එමෙන්ම  කාශෝගී ගොඩනැගිල්ලට පිවිස  පැය කීපයකට පසු  කාශෝගී කොන්සල් කාර්යාලයෙන් යලි පිටව යන බවට හැඟ වීමට කාශෝගීගේ ඇඳුම් ඇඳගත් පුද්ගලයෙකු හා තවත් පුද්ගලයෙකු සමග පිටවී යන දර්ශණ පෙලක් ද සොයාගෙන තිබෙනවා. එහෙත් අදාල වීඩියොවේ කාශෝගීට සමාන පුද්ගලයාගේ කොන්ඩය හා සපත්තු කුට්ටම මගින් ඔහු කාශෝගී නොවන බවට හොඳාකාරවම තහවුරු වී  ඇති බවටයි වාර්ථා වෙන්නේ.

මේ අතර කොන්සල් කාර්යාලයේ සිදුවුණු සියලු සිද්ධීන්හි හඬ පට අන්තර්ජාලයට උඩුගතවන පරිදි තමා පැලඳ සිටි ඇපල් ස්මාර්ට් ඔරලෝසුව සැකසීමට කශෝගී එහි පිවිසීමට පෙර කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ කාශෝගීගේ ගිණුම හරහා එම හඬ පට ලබා ගැනීමට තුර්කි පරීක්ෂකයන්ට හැකිව ඇති බවත් කශෝගී ඝාතනය වූ බව එයින් ද තහවුරු වී ඇති බවත් සඳහන්.

වීඩියෝව පහතින්



Powered by Blogger.