හෙල්මට් නැතුව බයික් එකේ පාර්ලිමේන්තුවට ගිය හේතුව ඇමති අකිල පාර්ලිමේතුවේ දී පැහැදිළි කරයි



අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා යතුරුපැදියක පසුපස ගමන් ගන්නා ඡායාරෑපයක් මේ දින වල සමාජ ජාල මාධ්‍යායේ හුවමාරු වෙනවා. ඔහු හිස් ආවරණයක් නොමැතිව රාජගිරිය ප්‍රදේශයේ ගමන්ගනා මෙම ඡායාරෑපය  සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේ දී අදස් දක්වා සිටියා.

තමන්ට මුහුණ දීමට සිදුවූ මෙම අනපේක්ෂිත අත්දැකීම පිළිබඳව පාර්ලිමේන්තුවට පැමිණි අමාත්‍යවරයා සිය කතාව අතරතුරදී ද විස්තර කලේ මෙලෙසයි,

“දැන් අද මට පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණ 03ක් තිබුණා. මම 12ට ගෙදරින් එන්න පිටත් වුණේ. පැයක් හිටියා එන්න බැරුව. අන්තිමට රාජගිරියෙන් මම බැහැලා අතදාලා මෝටර් සයිකලේක නැගලා ආවෙ. රාජගිරියේ ඉඳන් මෙතනට එනකල් තෙමි තෙමී ආවේ. මොකක් හරි ක්‍රමවේදයක් හදන්න. හෙල්ලෙන්නෙවත් නෑ සමහර දවස්වලට. මේ පාරේ එන්න බෑ”

කෙසේ වෙතත් ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව අමාත්‍යවරයා මෙලෙස යතුරුපැදියක ගමන් කිරීම බෙහෝ  පිරිසකගේ විවේචනයට ද භාජනය වුණා ඒ සාමාන්‍ය ජනතාවට බලපාන මෙවැනි මූලික මාර්ග නීති පවා අමාත්‍යවරුන්ට බලනොපාන්නේද යනුවෙන්.

Powered by Blogger.