දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම් කටයුතු නවතා දමයි - දිවයින පුරා ඉන්ධන හල්වල දිගු පෝලිම්



දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම් කටයුතු නවතා දමා ඇති බවට වාර්ථා වෙනවා. ශ්‍රී ලංකා ඛණිජ තෙල් ශාඛාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ උප සභාපති කේ ජී එස් ප්‍රේමන්ත ගමගේ සඳහන් කළේ  ඊයේ (28) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් සිය සේවකයෙකු මියයාමේ සිද්ධියට හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ති‍්‍ර අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් ශී‍්‍ර ලංකා ඛනිජ තෙල් ශාඛාවේ  ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමය වර්ජනයක් ආරම්භ කර ඇති බවයි.

මේ හේතුවෙන් ඇතැම් ඉන්ධන හල්වල මේ වන විටත් දිගු ඉන්ධන පෝලිම් දැක ගත හැකි වනවා.

වර්ජනය හේතුවෙන් ඛණිජ තෙල් සියලූම කාර්යයන්වලින් සිය සේවකයින් ඉවත් වී ඇති බවත් සපුගස්කන්ද තෙල් පිරිපහදු කටයුතු පමණක් සිදුවෙන බවත් සඳහන් කළා. ඉදිරියේදී සිය ඉල්ලීම් කෙරෙහි බලධාරීන් ප්‍රතිචාර නොදැක්වුවහොත් එම කටයුතුවලින්ද ඉවත්වීමට සූදානම් බවත් සඳහන් කරනවා.

මේ හේතුවෙන් ඉදිරියේදී දිවයින පුරා ඉන්ධන හල්වල ඉන්ධන හිඟයක් ඇති වීමක් සිදුවිය හැකි බවත් දැනට ඉන්ධන හල්වල ගබඩා කර ඇති ඉන්ධන පමණක් ජනතාවට නිකුත් කෙරෙන බවත් ශ්‍රී ලංකා ඛණිජ තෙල් ශාඛාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ උප සභාපති සඳහන් කළේ.
Powered by Blogger.