රක්ෂිත බන්ධනාගාර ගතකල නාලකව රොහල් ගත කිරීමට දැරූ උත්සහය අසාර්ථක වෙයි



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන නොවැම්බර් මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.  කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නයි ඊයේ මෙම නියෝගය ලබාදුන්නේ.

මේ වන විට ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා  වැලිකඩ බන්ධනාගාරයේ වයි  ඕ වාට්ටුවේ රඳවා සිටිනවා. වෙනත් රැඳවූවන් නොමැතිව හුදෙකලාව ඔහු රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ.

නියමිත පටිපාටියට අනුව නාලක සිල්වා රැඳවිය යුතුව ඇත්තේ මැගසින් බන්ධනාගාරයේයි. එහෙත්, ඔහුගේ ආරක්ෂාව පිළිබඳ සලකා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවිමට බන්ධනාගාර නිලධාරීන් තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් බන්ධනාගාරය වෙත රැගෙන ඒමටත් පෙර ඔහු පරික්ෂා කිරීම සඳහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු ගිලන් රථයකින් වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ ඇති අතර, කිසිඳු විශේෂ අසනීප තත්ත්වයක් ඔහුට ඇතැයි පරික්ෂා කිරීම්වලදී අනාවරණ වී නැහැ. එහෙත් නාලක සිල්වා රෝහල්ගත කරන්නැයි වෛද්‍යවරයා නිර්දේශ කර තිබීම හේතුවෙන්  බන්ධනාගාර නිලධාරීන් සහ වෛද්‍යවරයා අතර උණුසුම් සංවාදයක්ද ඇති වී තිබෙනවා. පසුව වෛද්‍යවරයා ඔහු පැමිණි ගිලන්රථයෙන්ම වැලිකඩ බන්ධනාගාරයෙන් පිටව ගිය බවයි අපට වාර්ථා වුණේ.


ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන්.

Powered by Blogger.