නීතිය හරි ආකාරව ක්‍රියාත්මක නොවූ බව පවසමින් ගිනි අවියක් ගෙන යකා නැටූ පොලිස් සැරයන්ගේ සේවය තාවකාලිකව අත්හිටුවයි



නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ රථයක් සිය භාරයට ගත්  පොලිස් සැරයන්වරයෙකු එම සැක කරුවන්ට එරෙහි නීතිය හරි ආකාරව ක්‍රියාත්මක නොවූ බව පවසමින් අදාළ සැරයන්වරයා  වෙඩි තබා ගැනීමට ගිය පුවතකක් තෙඹුවන ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඔහු ප්‍රකාශ කර සිටියේ තමාට අදාල සැක කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්ම කිරීමට ඉහළ බළධාරීන් විසින් ඉඩ ලබා නොදුන් බවයි.

සනත් ගුණවර්ධන නැමැති පොලිස් සැරයන්වරයා මෙම හේතුව පදනම් කරගෙන මෙලෙස ඊයේ  දහවල් 12ට පමණ තම සේවා ස්ථානයෙන් පිටතට පැමිණ  ගිනි අවිය පෙන්වමින් සාධාරණය ඉෂ්ඨ නොකරන්නේ නම් වෙඩි තබා ගන්නා බයි ප්‍රකාශ කළේ. එම අවස්ථාවේ එම ස්ථානයට තෙඹුවන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ තත්වය සමතයකට පත් කිරීමට උත්සහ දරා තිබෙනවා.  කිසිවක් පිලි නොගත් ඔහු දිගින් දිගටම සාධාරණය අපේක්ෂාවෙන් ගිනි අවිය සමග එතැනම රැඳී සිටියා.

අනතුරුව පොලිස් නිලධාරියාගේ බිරිඳ සහ දරුවා ද එම ස්ථානයට පැමිණි අතර, එම ස්ථානයට පැමිණි විශේෂ කාර්ය බලකායේ පොලිස් නිලධාරියෙකු  ද සැරයන් ගුණවර්ධන මහතා සමග සාකච්ඡා කිරිමට ගත් උත්සාහය ද ව්‍යර්ත වුණා.

 පසුව කළුතර ප්‍රදේශය භාර  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ද එම ස්ථානයට පැමිණියා.

පැය දෙකක පමණ කාලයකින් පසු සැරයන් ගුණවර්ධන මහතා මෙල්ල කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පියවර ගත්තා.

මෙහිදී වෙඩි තැබීමක් සිදුවූ අතර, ඉන් කිසිවෙකුටත් හානි සිදුවූයේ නැහැ.

කෙසේ වෙතත් පොලිසිය සදහන් කළේ සැරයන් සරත් ගුණවර්ධන මහතා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටු වීමටපියවර ගත් බවයි.

Powered by Blogger.