දෙශපාලන කලබැගැනී අස්සේ මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහට ඇප හිමිවෙයි



මහනුවර ඇති වූ ජාතිවාදී ගැටුම් හේතුවෙන් අත්අඩංගුවටගෙන මාස 07කට අධික කාලයක් බන්ධනාගාරගත කර සිටි මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහට ඇප නියම කර තිබෙනවා. මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන විසින් මෙලෙස ඇප නියම කර ඇති අතර, අමිත් වීරසිංහගේ නීතීඥයින් ඉදිරිපත් කළ මෝසමක් සළකා බැලීමෙන් අනතුරුව මෙම නියොගය නිකුත් කල බවටයි වාර්ථා වෙන්නේ.

පසුගිය මාර්තු මාසයේ ඇතිවූ මෙම ගැටුම් හේතුවෙන් 200කට අධික පිරිසක් පොලිස්භාරයට පත් වූ අතර මෙය මෙහෙයවූ බවට චෝදනා එල්ල වී තිබුණේ අමිත් වීරසිංහට යි.
Powered by Blogger.