විවාහක දෙදරු මව අනියම් සැමියාගේ සිරුරට පේට්‍රල් වත් කර ගිනි තියයි



 සැමියාගෙන් වෙන්වී වසර 11ක පමණ කාලයක් එකට සිටි තම අනියම් සැමියාගේ සිරුරට පේට්‍රල් වත් කර ගිනි තැබීමේ පුවතක්  ආරච්චිකට්ටුව - ආනවිළුන්දාව ප්‍රදේශයේන් වාර්තා වෙනවා.


 බහින් බස්වීම අතර තුර සැකකාරිය විසින් අනියම් සැමියාගේ සිරුරට මෙලෙස පේට්‍රල් විසි කර ගිනි තබා ඇති අතර, තුවාල ලැබූ අනියම් සැමියාව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත්තේද සැකකාරිය විසින්මයි.

විවාහක දෙදරු මවක් වන ඇය හා ඇගේ අනියම් සැමියා අතර ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යෑමෙන් මෙම සිද්ධියට මූණ දීමට සිදු වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ වන විට සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බවද පොලීසිය සඳහන් කළා.

Powered by Blogger.