අර්ජුන රණතුංග අත්අඩංගුවට - තෙල් සේවකයින්ගේ වර්ජනය අවසන්




 ඛණිජ තෙල් අමාත්‍යංශයේ ඊයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය විසින්  ඔහු  අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දෙමටගොඩ පිහිටි ඛණිජ තෙල් සංස්ථා මුලස්ථානයේදී ඊයේ ඇතිවූ කළහකාරී සිදුවීමෙන් එක් පුද්ගලයෙක් වෙඩි වැදීමෙන් මිය ගියා. හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියා විසින් එම වෙඩි තැබීම සිදුකළ බවයි ප්‍රකාශ කෙරුනේ.

මේ අතර, අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමත් සමග  ඛනිජ තෙල් සේවකයින් ආරම්භ කර තිබූ වර්ජනය ද අවසන් කිරීමට එම වෘත්තීය සමිති තීරණය කළා.
Powered by Blogger.