කුරුණෑගලින් තවත් රොකට්ටුවක් - සාර්ථක ගුවන්ගත කිරීමකුත් කරලා


ගම්පහ බණ්ඩාරනායක විදුහලේ උසස් පෙළ පන්තියක සිසුවෙකු රොකට්ටුවක් නිෂ්පාදනය කර ඊට ජනාධිතිගේ සහයෝගය ලැබීමත් සමග රටේ බොහෝ දෙනා අතර ඒ ගැන කතාබහට ලක් වීම සතුටට කරුණකි. එහෙත් 2016 වසරේ දීත් මෙවැනිම රොකට්ටුවක් සාදා අත්හදා බැලූ තරුණයෙකු සිටින බවට අපිට දැනගන්නට ලැබුනා.

කුරුණෑගල මාවතගම පදිංචි තිවංක නෙරංජන් තරුණයා රොකට් තාක්ෂණය පිළිබද අත්හදා බැලීම් කිහිපයක් සිදුකොට එහි සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා. කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඔහු පාසල් අවදියේ සිට රොකට් නිර්මාණය පිළිබද සැලසුම් කරමින් පර්යේෂණාත්මක රොකට් කිහිපයක් නිර්මාණය කර ඇති බවටයි වාර්ථා වෙන්නේ.

ඒවායින් කිපයක් නම්

Hathor Aero Space -  Air touch 01
Hathor Aero Space -  Air touch 02
Hathor Aero Space -  Air touch 03

තම අත්හදා බැලීම් වලින් ලද අත්දැකීම් මත ඔහු විසින් නවතම රොකට්ටුවක් නිර්මාණය ඇති අතර, එය Hathor Aero Space - Sky touch 01 ලෙස නම්කර ඇත.  බරින් කි.ග්‍රැ 100 ක් හා උසින් අඩි 15 කින් යුතු වන එය වේගය පැයට කි.මී 800 ක් ද ගුවන් ගත වන උපරිම උස කි.මී 18.5 වන බව ඇස්තමේන්තු කොට ඇත.


ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේද අංශයේ ගිහාන් කාවින්ද හෙට්ටිආරච්චි සිසුවාගේ අපූර්වතම නිර්මාණයට  ජනාධිපතිවරයාගේ අවධානයට යොමු වූවා සේම කුරුණෑගල මාවතගම පදිංචි තිවංක නෙරංජන් තරුණයාටත් හිමිවේ යැයි අපි අපේක්ෂා සහගතව බලා සිටිමු.






Powered by Blogger.