සියළු මාධ්‍ය වාර්ථා අසත්‍යයි - වඩිවෙල් සුරේෂ් මාධ්‍යවලට එරෙහිව නඩු පවරන්න සූදානම්


තමා සම්බන්ධයෙන් පැතිර යන මාධ්‍ය වාර්ථා අසත්‍ය බව  පාර්ලිමේන්තු මන්ත්‍රී  වඩිවෙල් සුරේෂ් පවසනවා. ඔහු අද අරලියගහ මැදුරේදි මාධ්‍ය සාකච්චාවකට එක්වෙමින් කියා සිටියේ  කිසි විටෙක  එක්සත් ජාතික පක්ෂය හෝ රනිල්  වික්‍රමසිංහ මහතා හැර නොයන බවයි.

 මහින්ද රාජපක්ෂ රජයේ තමා අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින්  දෙමළ ජනතාවට සේවය කළ නිසා කලගුණ සැලකීමට පමණක්  ඔහු  හමුවීමට ගිය බවත්  ඉන් එහා කිසිදු බැඳිමක් නැති බවත් ඔහු වැඩිදුරටති සඳහන් කළා.

තමා මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකතු වු බවට වැරදි ප්‍රචාර ගෙන ගිය මාධ්‍යවලට එරෙහිව නඩු පවරන බවද වඩිවේල් සුරේෂ් මහතා කියා සිටියා.


Powered by Blogger.