ඉන්ටපෝල් ලොක්කා අතුරුදහන්-ප්‍රංශයෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක්


ජාත්‍යාන්තර පොලීසියේ ප්‍රධානියා වන මෙන්ග් හොන්ග්වෙයි මහතා අතුරුදහන් වී තිබෙනවා.
ප්‍රංශ පොලීසිය සඳහන් කලේ පසුගිය සතියේ ඔහු චීනය වෙත සංචාරය කළ බවත් ඉන් පසුව ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවයි.

64 වියැති ප්‍රධානියාගේ මෙම අතුරුදහන් වීම ප්‍රංශ පොලීසිය වෙත සැලකර ඇත්තේ ලියෝන් හී පදිංචි ඔහුගේ බිරිඳ විසිනි.

මේ වන විට ප්‍රංශ පොලීසිය විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භකර සිටිනවා.
Powered by Blogger.