ශ්‍රී ලංකාවේ නම් යළි බබළවමින් ලෝකයේ දක්ෂයන් අතරට ගිය පුංචි පාරමී


ආර්ජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවේ වෙනුවෙන් ලෝකඩ පදක්කමක් හිමි කර ගැනිමට පාරමී මාරිස්ටෙලා පුංචි දියණිය සමත්  වී තිබෙනවා.

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන 16  වියෙහි පසුවන පුංචි පාරමී,

2007 වසරේ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියෙ  සුසන්තිකා ජයසිංහ විසින් ලෝකඩ පදක්කමක් දිනාගැනීමෙන් පසුව මලල ක්‍රීඩාවෙන් මෙරට ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක ලැබූ ඉහළම ජයග්‍රහණය මෙයයි

මෙම ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් සඳහා සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අදියර දෙකක් යටතේ තරග කළ යුතු අතර, තරග දෙකේදීම දක්වන දක්ෂතා අනුව පදක්කම් පිරිනැමීම සිදුකරයි. ඒ අනුව ක්‍රීඩා උළෙලේ මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වට සහභාගීවෙමින් තුන්වැනි ස්ථානය දිනා ගත් පාරමී, කිලෝමීටර් 4 ක් වූ රට හරහා දිවීමේ තරගය 17 වැන්නා ලෙස අවසන් කරමින් මෙම පදක්කම තහවුරු කරගැනීමට සමත් විය.

පාරමී මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වේ තුන්වැනි ස්ථානය හිමිකරගෙන තිබීම හේතුවෙන්, තරගයේ දක්ෂතාද ගණනය කර ලෝකඩ පදක්කම ඇයට  පිරිනැමීමට තීරණය කළා.



Powered by Blogger.