වෙල්ගම එකාබද්ධය අත හැර ස්වාදීන වීමට සූදානම් - තීරණාත්මක සාකච්ඡාවක් අද සවස හිටපු ජනපතිගේ නිවසේ


පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම එකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා කාරීත්වය සම්බන්ඳයෙන් කළකිරී සිටින බවට වාර්ථා වෙනවා. තමා වේදිකා මත සිදු කළ ප්‍රකාශ උපුටා දක්වමින් එකාබද්ධයේම මන්ත්‍රීවරුන්ම තමාට පහර දීමට පටන් ගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තමන්ට එල්ල කරන චොදනා සම්බන්දයෙන් තවදුරටත් ඉවසා ගත නොහැකි වීම හේතුවෙන් අද (16) පස්වරුවේ  හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ  මහතා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණය අපේක්ෂකයා වීමට විරෝධය පළ කරමින් දිගින් දිගටම පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පසුගිය දින වල ප්‍රසිද්ධ ජන හමුවන් වලදී අදහස් දක්වා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනකු වන කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අළුත්ගමගේ, ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම දැඩි විවේඡනයට ලක්කර සිටි අතර, ඇතැම් අවස්ථා වලදී හිටපු ජනාධිපතිවරයා ඉදිරියේ දීම මෙම විවේචන එල්ලකිරීම සිදු වුණා.

Powered by Blogger.