ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අසළ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙවැනි පුද්ගාලයාත් මිය යයි




හිටපු ඇමති අර්ජුන රණතුංගගේ ආරක්‍ෂකන් විසින් තබන ලද වෙඩි ප‍්‍රහාර හේතුවෙන් රෝහල් ගත කරන ලද දෙවැනි පුද්ගාලයාද මිය ගොස් තිබෙනවා.

අර්ජුන රණතුංග මහතා ලිපි ලේඛණ ගෙන යාමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැමිණි අවස්ථාවේ දී  උණුසුම් තත්වය අතර තුර සිදු වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබූවා. ඉන් පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ල වූ තැනැත්තා ඊයේ  මිය ගිය අතර අද පෙරවරුවේ උදර ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ල වූ තැනැත්තා මිය ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය පදනම් කරගනිමින්  ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් වැඩ වර්ජනයක් ආරම්භ කර අතර, මේ වන විටත් එම වැඩ වර්ජනය ක්‍රියාත්මකයි.

Powered by Blogger.