හින්දු පුවත්පතේ ජනාධිපතිවරයා සිදු කලායැයි කියු පුවත සම්පූර්ණ අසත්‍යයි - කැබිනට් මාධ්‍ය සකච්ඡාව උණුසුම් වෙයි




 තමා ඝාතනය කිරීමට උත්සහ කළ ඉන්දීය ජාතිකයා, රෝ ඒජන්තවරයෙකු විය හැකි බව ජනාධිපතිතුමා ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී පැවසු බවට ඉන්දියාවේ හින්දු පුවත්පතේ පළ වූ වාර්ථා අසත්‍ය බව සම කැබිනට් අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.  ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී ජනපති  ඝාතනසිද්දිය සම්බන්දයෙන් ජනාධිපති වරයා කිසිදු ප්‍රකාශයක් සිදු නොකල බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවේ දී  අමාත්‍යවරයා කියා සිටියේ.

ඉන්දියාවේ රෝ ඔත්තු සේවය මගින් තමාව ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇති බව ඉන්දියාවේ "THE HINDU" පුවත්පත අද සිය ප්‍රධාන සිරස්තල වලින් වාර්තා කර තිබුණා.

එමෙන්ම CIA සංවිධානයේ කටයුතු පිළිබඳ ජනපති ට්‍රම්ප් නොදන්නවා සේම, මෙම ඝාතන සැලැස්ම පිළිබඳව ද ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නොදන්නවා විය හැකි බවත්, මේ තුලින් ඉන්දු ශ්‍රී ලංකා සබඳතා බරපතල ලෙස බිඳ වැටීමට ඉඩ ඇති බවත්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බවයි පුවත් පතේ මුල් පිටුවේ වැඩිදුරටත් සඳහන් වුණේ.


Powered by Blogger.