මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි - වැසි සහිත කාළගුණය තවදුරටත්



පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කලාඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන්  පුත්තලම පරණ මන්නාරම මාර්ගය එළුවන්කුලම ප‍්‍රදේශයෙන් අවහිර වී ඇති බවයි පුත්තලම දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක ඒ.එම්.ආර් අලහකෝන් මහතා කියා සිටියේ.

එමෙන්ම  පුත්තලම-මන්නාරම මාර්ගයේ ගමන් ගන්නා මහජනතාව සහ රියදුරන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පුත්තලම දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියා.

 මේ අතර, අධික වර්ෂාව හේතුවෙන් මතුගම සහ අළුත්ගම අතර ප්‍රදේශයන් ජලයෙන් යට වූ අතර ඒ හේතුවෙන් වැලිපැන්න ප්‍රවේශ මාර්ගය ද තාවකාලිකව වසා දැමීමටයි මාර්ග සංවර්ධන අධිකාරය පියවර ගත්තේ.

අද පෙරවරු 8.30 සිට, මේ දක්වා වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයෙන්.
උස්වැලි (කළුතර) - මිලිමීටර් 199යි.
බුලත්සිංහල - මිලිමීටර් 138.7 යි.
වලල්ලාවිට - මිලිමීටර් 124.6යි.
ඇල්පිටිය - මිලිමීටර් 108.3යි

Powered by Blogger.