වරද පිලිගත් හිරුණිකාට තවත් මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනාවක්


දෙමටගොඩ දී තරුණයෙක් පැහැරගෙන ගොස් ඔහුට අඩත්තේටටම් කලේ යයි අධිකරණයේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් වරද පිළිගත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට තවත් මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චොදනාවක් එල්ල වී තිබෙනවා.

ඒ මග නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ සේවක සුබසාධක සංගමයේ ගිණුමෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් දේශපාලන කටයුතු සහ වෙනත් කටයුතු වෙනුවෙන්  යොදාගත් බවට පවසමින්.


මේ සම්බන්දයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ සමාගමේ ප්‍රධාන විගණන නිලධාරී සරත් කුමාර මහතා විසින් ලද පැමිණිල්ලක් අනුවයි.

Powered by Blogger.