ගොඩ ගත් ඉතිහාසය නැවත වලදමන්න රාජ් සෝමදේවයන්ගේ කැණීම් බළපත්‍රය හිතාමතාම අහෝසී කලා ද?




සිංහලයන්ගේ සැබෑ ඉතිහාසයට අනුව සිංහලයන් යනු වසර 2500කටත් වඩා පෞඩ ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකාවේම ශිෂ්ඨාචාරගත වූ දියුණු ජාතියක් බවට සාධක සහිතවම පසුගිය දිනවල  මහාචාර්ය රාජ් සෝමදේව මහතා කරුණු ගණනාවක් හෙළි කළා.

 හෝමෝ සේපියන්ස් මානවයා ශ්‍රී ලංකාවේ ජීවත් වූයේ වසර 150,000කටත් පෙර බවත්, විජය රජු පැමිණියා යැයි කියන වසර 2500කටත් පෙර සිට ශ්‍රී ලංකාව හැදින්වූයේ 'සිංහලද්වීපය' යනුවෙන් බවත් ඔහු ශාක්ෂි සහිතව මෑතක හෙළි කළ කරුණු අතර මහත් ආන්දොලනයට තුඩු දුන්නා. එමෙන්ම සිංහලයන් පැවත එන්නේ විජය රජු නම් ඉන්දීය ජාතිකයාගෙන් නොවන බවට ඔහු සාක්ෂි සහිතව තහවුරු කළා. තවද ශ්‍රී ලංකාව සිංහලයන් වසර දහස් ගණනක සිට ජීවත් වූ නිජබිම බවටත් එතුමන් හෙළිකර සිටියා. මෙම කරුණු දිරවා ගැනීමට නොහැකිව ඇතැම් පාර්ශව කලබල වී ඇති අතර, අදාල කරුණු යට ගැසීමට මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ පුරාවිද්‍යා ගවේෂණ සහ ඓතිහාසික හෙළිදරවු නතර කර දැමීම සදහා පිඹුරු පත් සකසමින් සිටින බවටයි වාර්ථා වෙන්නේ.


පසුගිය දා  උතුරු පළාත් මහ ඇමතිවරයා ශ්‍රී ලංකාවේ උතුරු පළාත අතීතයේ සිටම දෙමළ නිජබිමක් බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියා, මෙම ප්‍රකාශය දැඩිව හෙළා දුටු මහාචාර්ය රාජ් සෝමදේවයන් ප්‍රකාශ කළේ දෙමළ ජනතාවට ශ්‍රි ලංකාවට ප්‍රථමයෙන්ම සංක්‍රමණය වූයේ වෙළදාමට බවට ඓතිහාසික සාක්ෂි පවතින බවයි.

මෙවැනි පරස්පර විරෝධී මත මහාචාර්ය රාජ් සෝමදේව මහතා ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔහුගේ තටු සිඳලීමට එතුමන්ගේ කැණීම් බලපත්‍රය පවා මේ වන විට අහෝසී කර දැමීමට පියවර ගෙන තිබෙනවා.

පස්සත්භාගය ගැන කතා කරන සමාජ ජාල මාධ්‍යයේ ද මේ පිළිබඳව පුළුල් කථිකාවතක් ඇති කිරීමට නොහැකි වීම ඉතා කණගාටුවට කරුණක්.

කෙසේ වෙතත් මේ පිළිබඳව මහාචාර්ය රාජ් සෝමදේව මහතා කියා සිටියේ තමන්ගේ කැණීම් බලපත්‍රය මෙලෙසින් අහෝසී කිරීමට සාධාරණ හේතුවක් නොමැති බවත් මෙහි පාඩුව ඇත්තේ සත්‍ය ඉතිහාසය දැන ගත යුතු ජනතාව බවයි.

Powered by Blogger.