මයික්‍රොසොෆ්ට් සමාගමේ එක් පහනක් නිවී යයි





මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘවරයා වන පොල් ඇලන් මහතා පිළිකා සංකුලතාවයක් හේතු කොටගෙන මිය ගොස් තිබෙනවා.

මිය යනවිට ඒ මහතා 65 වන වියේ පසුවනු ලැබුවා.

1975 දී ඇමරීකා එක්සත් ජනපදයේදී මයික්‍රොසොෆ්ට් ආයතනය ආරම්භ වුයේ ය. ඒ බිල් ගේට්ස්, පොල් ඇලන් ස්ටීව් බොල්මර් සහ රේ ඔසී නම් තැනැත්තන්ගේ ප්‍රධානත්වයෙනි. ඔවුන් 1980 දශකයේ මැද භාගයේදී එම්. එස්. ඩොස් නම් ක්‍රියාකාරී පරිගණක පද්ධතිය නිපදවීමත් සමඟ ලෝකයේ විවිධ ක්ෂේත‍්‍රයන්හි කතාබහට ලක්වන ආයතනයක් බවට පත්විය.

අදවන විට මයික්‍රොසොෆ්ට් ආයතනය පරිගණකමය නොවන විවිධ ක්ෂේත‍්‍රයන්හිදි ද ක්‍රියාකාරි සාමාජිකයකු ලෙස කටයුතු කරන අතර මෘදුකාංග වලට අමරව පරිගණක දෘඩංග නිෂ්පාදනයද වෙළෙඳපලට නිකුත් කරනු ලබන ප්‍රධාන ආයතනයයි.

අදවන විට මයික්‍රෙසොෆ්ට් ආයතනය ලබා ඇති ජනප්‍රිය භාවය කොතෙක්ද යත් එහි නිල වෙබ් අඩවිය ලෝකයේ වැඩිම ජනප්‍රිය භාවයක් ඇති වෙබ් අඩවියක් බවට පත්ව ඇත. දිනකට මිලියන 2.4 කට වැඩි පිරිසක් එයට පිවිසෙනු ලබයි.

මයික්‍රොසොෆ්ට් ආයතනයේ සේවක සංඛ්‍යාව 79000 පමණ වන අතර එම සේවකයින් රටවල් 105 කට පමණ අයත් අයවලූන්ය. ආයතනයේ ශුද්ධ ආදායම 2007 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 14.06 විය.
Powered by Blogger.