එජාප උද්ඝෝෂණයට වාරණ නියෝගයක් - රජයේ පරිශ්‍රවලට ඇතුළු වීමත් තහනම්




එක්සත් ජාතික පක්ෂය විසින් අද පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණ ව්‍යාපාරයට වාරණ නියෝගයක් පනවා තිබෙනවා.  ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ විසින්. එමෙන්ම එජාප  මහලේකම් අකිල විරාජ් කාරියවසම් ඇතුළු පිරිසකට නිකුත් කළ එම වාරණ නියෝගයට අනුව රජයේ පරිශ්‍රවලට ඇතුළු වීම පවා තහනම් වනවා.

තවද මහ ජනතාවට පීඩා වන අයුරින් උද්ඝෝෂණ පැවැත්වීම හා මහජන සාමය කඩවන අයුරින් උද්ඝෝෂණ පැවැත්වීම ද මේ යටතේ තහනම් වනු ඇති.

කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට කළ දැනුම්දීමක් අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම වාරණ නියෝගය නිකුත් කර ඇති බවටයි වාර්තා වන්නේ.
Powered by Blogger.