ඒඑස්පී ගේ දුව මංගල ගමනට ආශිර්වාද ගන්න ජනපති හමු වෙලා - පත්තරේ සම්පූර්ණ පිටුවකම දැන්වීමක් දාලා



පසුගිය කාලයේ විවිධ ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති නිර්මාණය කළ කටාර් ශ්‍රී ලංකා තානාපති ඒඑස්පී ලියනගේ මහතාගේ බාල දියණියගේ විවාහ මංගල උත්සවය අද දින පැවැත්වීමට නියමිතයි.  ඒ ජනපති අගමැතිගේ සහභාගීත්වයෙන් හිල්ටන් හෝටලයේ දීයී.


එම විවාහයට පූර්ව ප්‍රචාරණයක්  වශයෙන් අද දින ජාතික පුවත්පත්වල සම්පූර්ණ පිටුවක් පුරා මනාලිය ජනපතිට දණගසා වැඳ ආශිර්වාද ලබාගන්නා අමුතු දැන්වීමක් පළ කර තිබෙනවා.


හිටපු ජනපති මහින්දගේ ප්‍රබල සමීපතමයෙකුව සිට නයිජීරියානු තානාපති ධූරය දැරූ ඒඑස්පී ලියනගේ පරාජයෙන් පසුවද මහින්ද අත්නොහැර මහින්දට පීකොක් මන්දිරය තෑගි වශයෙන් ලබාදෙන්නට කටයුතු කිරීම සම්බන්ධයෙන් එෆිසීඅයිඩී පරීක්ෂණ පැවැත්වෙන කාලයේ මෛත්‍රී දෙසට හැරුණේය.

 පසුව කටාර් තානාපති ධූරයද ලබාගත්තේය. ඔහු පක්ෂ මාරු කරන අවස්ථාවේත් පුවත්පත්වල අමුතු දැන්වීම් පළ කළ අතර ඇමරිකාවේ ජනපතිවරුන් දිවුරුම් දෙන අවස්ථාවල ඔවුනට සුබපතා ලංකාවේ පුවත්පත් දැන්වීම් පළ කිරීමද ඒඑස්පී ලියනගේ කටයුතු කර තිබෙනවා.



Powered by Blogger.