මාධ්‍යයෙන් වසන් කළ තෙබුවන පොලිස් සැරයන් වරයාගේ කවුරුත් නොදන්න සත්‍ය කථාව සියළු ලිපිලේඛන සහිතව මෙන්න.



පොලිස් සැරයන් වරයෙකු සියදිවි නසා ගැනීමට ගත් උත්සහය සහ වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව ප්‍රසිද්ධ මාධ්‍ය විසින් හුවා දැක්වූ සියල්ල පිටුපස වෙනත් කතාවක් තිබෙන බව ඔබට මෙම ලිපිය අවසානයේ දී වැටහෙනු ඇත.

 අදාල සිද්ධිය පිළිබඳව කාගේත් සැකය වූයේ මෙම සිදුවීම පිටුපස දේශපාලන බලවේගයක් තිබිය හැකි බවයි. සැකය පසක් කරමින් යම් පිරිසක්, සිද්ධිය සඳහා මිල්ලනිය ප්‍රාදේශීය සභා මන්ත්‍රිණී නිර්මලී ගුණවර්ධන වෙතට ඇඟිල්ල දිගු කෙරුණා. ඒ අනුව මන්ත්‍රී වරියගේ පවුලේ වැලි ජාවාරම හෙළි කිරීම හේතුවෙන් පොලිස්පතිවරයා උරණවී සැරයන් වරයාට බැන වැදුණු බවත්, එසේ වීම හේතුවෙන් ඇතිවූ මානසික පීඩනය නිසා සැරයන් වරයා සියදිවි හානි කර ගැනීමට උත්සහ කළ බවත් යනුවෙන් පුන පුනා ප්‍රසිද්ධ මාධ්‍යයෙන් මෙන්ම ෆේස් බුක් සමාජ ජාලා පිටුවල වැල නොකැඩි ප්‍රචාරයන් සිදු වුණා.

එහෙත් ඔබ නොදන්නා සත්‍ය කතාව මෙයයි

වේලාව : පෙ.ව. 3.30 ( 2018 / 09/29 )
ස්ථානය : මන්ත්‍රී වරියගේ නිවස ඉදිරිපිට
පොලිස් භාරයට ගත් ද්‍රව්‍ය : නවතා තිබූ වැලි ලොරියක්
පොලිස් භාරයට ගැනීමට හේතුව : බල පත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය
පොලිස් භාරයට ගත් ස්ථානය අයත් පොලිස් වසම : අඟුරුවාතොට
පොලිස් භාරයට ගත් සැරයන් වරයා අයත් පොලිස් වසම : තෙබුවන
පොලිස් භාරයට ගත් ද්‍රවය ගෙන ගිය පොලිස් ස්ථානය : තෙබුවන

මෙසේ පොලිස් භාරයට ගත් වැලි ලොරිය නිදහස් කරන ලෙස OIC වරයා විසින් පවසා ඇති අතර ඒ සඳහා හේතු වූ කරුණු පහත පරිදිය.

1. ප්‍රවාහනය සඳහා පොලිස් භාරයට ගන්නා අවස්තාව වන විටත් වලංගු බල පත්‍රයක් තිබීම නිසා අත් අඩංගුවට ගත් කාරණය වලංගු නොවීම. – බලපත්‍රයේ සඳහන් පරිදි, වැලි ප්‍රවාහනය සඳහා සැප්තැම්බර් 19,20,21, 26,28 දින වල ප.ව. 6.00 සිට පසුදින පෙ.ව. 6.00 දක්වා අවසර ඇත. එනම් 29 (අත් අඩංගුවට ගත්) දින පෙ.ව. 6.00 වන තෙක් අදාළ ලොරි රථයට ප්‍රවාහනය සඳහා නීතිමය වශයෙන් බාධාවක් නැත. සැරයන් වරයාට මෙම වේලාවන් පිළිබඳ කාරණය වටහා ගැනීමට අපහසු වී ඇති හෙයින්, OIC වරයාගේ නියමය අනුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යංශයෙන් තත්ත්වය පැහැදිලි කර ලිපියක් ලබා ගෙන ඒමට පවා මන්ත්‍රී වරියගේ සැමියා කාරුණික වී ඇත. (වැලි ප්‍රවාහනය සඳහා ලබා දුන් බලපත්‍රයේ හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යංශයෙන් ලබා ගත් ලිපියේ  පිටපත් මේ සමඟ අමුණා ඇත.)

2. අත් අඩංගුවට ගැනීමේදී  සැරයන් වරයා කළ යුතුව තිබුණේ අදාළ ලොරිරථය අඟුරුවාතොට පොලිස් ස්ථානයට භාර දීම විය යුතුව තිබූ නමුත් එය තෙබුවනට ගෙන ගොස් තිබුණි.

3. වැලි ප්‍රවාහනය සඳහා දිනයේ වේලාව බල නොපාන අතර තම  නගර සීමාවෙන් පිටතට වැළි ගෙන යාම සදහා අවසර ලබා දී ඇත්තේද ප.ව. 6.00 සිට පෙ.ව.6.00 දක්වා (රාත්‍රී කාළයේ) බැවින් එය නීතියට පිටින් යෑමක් නොව නීතිය නිසි පරිදි ඉටු කළ අවස්ථාවකි.

සැරයන් වරයා මෙහිදී අත්තනෝමතික ලෙස ලොරි රථය පොලිස් භාරයේ තව දුරටත්(2018/10/1 තෙක්) තබා ගෙන ඇත්තේ OIC වරයාගේ විධානයද නොසලකා හරිමිනි. OIC වරයා තවදුරටත් අවවාද කිරීමෙන් පසුව ලොරි රථය පොලිස් භාරයෙන් නිදහස් කර තිබේ. මෙසේ නිදහස් කිරීම නිසා තමාගේ නිගමනය නොසලකා හැරිය බවත්, අවමන් කළ බවත් පවසමින් සැරයන් වරයා ගිනි අවියක් රැගෙන සියදිවි හානි කර ගන්නා බව පවසා ඇත්තේ, ලොරි රථය නැවත ගෙනවිත් නඩු පවරා නඩු පිට පත තමා අතට ලබා දෙන මෙන් අවධාරණය කරමිනි.

  තම පාර්ශවයේ කිසිඳු වැරැද්දක් නැති වුවද අදාළා සිද්ධ්ය සානුකම්පිකව විසාදා දීම සඳහා මන්ත්‍රී වරියගේ සැමියා ලොරි රථය නැවත පොලීසියට භාර දීම සඳහාද කටයුතු කර ඇත.

ඔහු නමින් වික්‍රමරත්න ගුණවර්ධන වන අතර වැලි ව්‍යාපාරයේ යෙදෙන්නේ වසර 20 ක පමණ සිටයි. ඇගිල්ල දිගුවන මන්ත්‍රී වරිය පත්වීම් ලැබුවේ මීට වසරකට පෙරාතුවයි.

මාධ්‍ය විසින් ප්‍රචාරණය කරන ලද ආකාරයට මෙය, “ත්‍රස්තවාදීන්ගෙ භාරයට පවා ලක්ව සිට දිවි ගලවා ගත්   වීර පොලිස් වරයෙකු මානසික රෝගියෙක් ලෙසන් දේශපාලනය විසින් හංවඩු ගැස්සීමකි”.

දේශපාලනය විසින් මැඩලන සමාජයක ජීවත් වන අප කාටත් මෙවැනි ප්‍රවෘති වලින් තව දුරටත් පසක් වන්නේ දේශපාලනයේ නිලැලෙන්නන් පිළිබඳව පිළිකුලකි.

නමුත් අපක්ෂපාතීව නිවරදි දේ  එලෙසින් නැතිව, පහසුවෙන් ජනගත කළ හැකි ආකාරයට වෙනස් කර ජනගත කරන බැවින් මාධ්‍ය විසින් තම වගකීම නිවැරැදි පරිදි ඉටු කරන්නේද යන්න පිළිබඳව සැකයක් සත්‍ය නිරාවරණය කර ගත් පුද්ගලයෙකුට ඇති විය යුතුය.

අදාල ලිපි ලේඛන පහත ඇත




Powered by Blogger.