ගෝඨාට එරෙහි නඩුව දිනපතා විභාග කර අවසන් කිරිමට නියොගයක්



හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පැවැත්වෙන නඩු විභාගය ලබන දෙසැම්බර් මස 04 වන දා සිට අඛණ්ඩව දිනපතා විභාගයට ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද තීරණය කළේ.

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කරන ලැදැයි කියන චෝදනා මත ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 07 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති මෙම නඩුව පසුගිය මස 10 වනදා පළමු වරට විශේෂ මහාධිකරණය හමුවේ විභාගයට ගත් අතර එහිදී විත්තිකරුවන් ඇප මත මුදා හැරීමට විනිසුරු මඩුල්ල නියෝග කළා.
Powered by Blogger.