ජාතික පුවත්පතක මාධ්‍ය අවකාශය අමු අමුවේ ගණිකා සේවයේ යොදන දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු දිලිත් ජයවීර



 දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු වන දිලිත් ජයවීරගේ අසීලාචාර මාධ්‍ය භාවිතාව  ඔහුගේ ජාතික පුවත්පත,  "අරුණ" මගින් රටටම හෙළිදරව් කර තිබෙනවා. දිලිත් යටතේ පවතින ප්‍රධාන පෙලේ ප්‍රචාරක ආයතනයක් වන ට්‍රයි ඇඩ් සමාගමට දිනාගත නොහැකි වන ව්‍යාපෘති වෙනත් සමාගමක් මගින් ලබා ගන්නේ නම් එම ආයතන සඳහා අමු අමුවේම ප්‍රහාර දියත් කිරීමට තරම් ඉතා පහත් සදාචාර සම්පන්න නොවන ක්‍රියාවලියක නිරත වෙන බවටයි තොරතුරු අණාවරනය වෙන්නේ.


"තෙල් ලාංජනයට රෙදි අන්දන්න කෝටි 300" මේ  දෙරණ "අරුණ" පුවත්පත සිය මංගල කලාපයේ ප්‍රධාන සිරස්තලයයි.  ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රචාරන ව්‍යාපෘතියක් සඳහා  පැවති ලංසු කැඳවීමේ දී කෝටි 350ක් ඉක්මවූ ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත්කල ට්‍රයිඇඩ් සමාගම ඉන් ඉවත් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කෙරුණු අතර, ඊට උරන වූ  දිලිත් ජයවීර තම කුළුඳුල් පුවත්පතම භාවිතා කර අමු අමුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හා ලංසුව ලබාගත් සමාගමට මඩ ප්‍රචාර දියත් කර තිබෙනවා.

එපමණක් නොව දෙරණ "අරුණ"  පුවත් පතේ දෙවනි කලාපය හරහා රූපවාහිනි මාධ්‍ය ජාලයේ නිල ලාංජනය වෙනස්කිරීමට යන බවට අභූත චෝදනා එල්ල කරමින් පුවතක් පළකර ඇති අතර, එයට හේතුව වනුයේ දෙරණ සහ ජාතික රූපවාහිනිය අතර වන සීතල යුද්දය බවද පැවසේ.

සදාචාර සම්පන්න මාධ්‍ය කලාවෙන් බැහැරව හිස උදුම්මා ගනිමින් මුදල් වීසිකර තමන්ගේ පෞද්ගලික ලාබය පමණක්ම අරමුණු කරගනිමින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ අවසරය ලත් ප්‍රසිද්ධ මාධ්‍ය තුල මෙවැනි අකටයුතුකම් සිදු කිරීම පිළිබඳව සැබවින්ම කණගාටුවට කරුණකි.





Powered by Blogger.