දමිත් අසංක නිදහස් වෙයි - ඔහු වෙනුවෙන් කීර්ති පැස්කුවල් තැබූ සංවේදී සටහන මෙන්න



සැප්තැම්බර් 27 වෙනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

නිවස අසලදී කලහකාරී ලෙස හැසිරීමක් සම්බන්ඳයෙන් ඔහුව කුඩාඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනු අතර, ඔහු පිළිබඳව සමාජ ජාල මාධ්‍යයේ බොහෝ කතා බහ පැතිරුණා.


 ක්ෂේත්‍රයේ ප්‍රවීණ ගායන ශිල්පියෙකු වන කීර්ති පැස්කුවල්ද සිය කණගාටුව පලකරමින් ෆේස්බුක්හි සටහනක් තබමින් කියා සිටියේ ඔහු වෙනුවෙන් ගායක ගායිකා සංගමයද මැදිහත් වෙන බවයි.


Powered by Blogger.